Translate to

සිනහසෙන්න..
ලොව දකින්න..

මට හුස්මක් දෙන්න..

‍සුරකිමු අපේ බිළිඳුන්

ඔවුන් දැයේ පණ නල යි.

මෙම ශ්වසනාධාර උපකරණ 100 ම භාරගෙන ඇත.

​සම්පූර්ණ දායකත්වය 100%
0
ශ්වසනාධාර උපකරණ ප්‍රමාණය
0
භාරගත් ප්‍රමාණය
0
ඉතිරි ප්‍රමාණය

ඇයි අප ඉදිරිපත් විය යුත්තේ?

වසරකට උපදින දරුවන් අතරින් 3000 ක් පමණ උපතේදීම මිය යයි. එයට ප්‍රධානතම හේතුව නොමේරු බවයි. එනම් ළදරුවා ප්‍රමාණවත් පරිදි පරිණත වීමට පෙර (ගර්භනී සති 28 ට අඩු) උපත ලැබීමයි. එය උපත් 1000 කට 8ක් 9ක් පමණ අගයක් වේ. 

වසරකට බිළිඳුන්

0
පමණ උපදී

අඩු වයස් හා නොයෙකුත් හේතුන් මත

0
පමණ මෙලොව හැර යයි
Play Video

ඒ වෙනුවෙන්...

අඩු වයසින් උපත ලබා දින කිහිපයක් තුළ මිය යන නොමේරූ ළදරුවන්ගේ ජීවිත සිය ගණනක් බේරා ගනු පිණිස මනා ඔක්සිජන් ප්‍රතිශතයෙන් යුතු(Blended), ආර්ද්‍රතාවයෙන් යුතු (Humidified), නිසි පීඩනයෙන් යුතු (Pressurized), උණුසුම් (Warm) වායු දහරාවක් ඔවුන් හට පළමු හුස්ම ලෙස ලබා දිය හැකි රුපියල් මිලියන 100 ක් වටිනා ශ්වසනාධාර උපකරණ 100 ක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික රෝහල් පද්ධතිය වෙත පරිත්‍යාග කරනු පිණිස ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ(Perinatal Society of Sri Lanka) ඉල්ලීම පරිදි ‍සේරුවිල මංගල රජමහා විහාරය මගින් ක්‍රියාවට නැංවෙන මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සමඟින්

ඔබටත් එක් විය හැකිය

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පණිවුඩය...

මිනිසත්බව අතිශයින් දුර්ලභ ය. ඒ දුර්ලභ මිනිස් ජීවිතය වෙනුවෙන් මව් කුසක පිළිසිඳගත් දා සිට මේ ලොව එළිය දකින තෙක් කුඩා බිලිඳෙකු හට විශාල අරගලයක යෙදීමට සිදුවේ. වසරක් තුළ ශ්‍රී ලංකාව පුරා දහසකට අධික දරු පිරිසක් නොයෙකුත් හේතූන් මත නොමේරූ දරුවන් ලෙස අඩු වයසින් උපත ලබති. එම දරුවන් බොහෝ දෙනෙකුට මුල් අවස්ථාවේදී තනිවම හුස්මගත නොහැකිය. එවන් දරුවන් ද අපේම දරුවන්ය. එසේ උපත ලබා ශ්වසන සංකුලතා හේතුවෙන් මියයන සියගණනක් වූ ළදරු ජීවිත සුරැකීම ‘SAVE A BABY’ පුණ්‍ය ව්‍යාපෘතියේ අරමුණයි. ඒ උතුම් අරමුණ සඵල වේවා! මේ දන් දෙන්නේ ඔවුන්ගේ පළමු හුස්මයි.. ඉන්පසු ජීවිත කාලයක් පුරාවට ඔවුන් තනිවම හුස්මගනු ඇත.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති,
ශ්‍රද්ධා රූපවාහිනියේ ගරු අනුශාසක
පුජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතාගේ පණිවුඩය...

අප රට තුළ වසරකට බිළිඳුන් 320,000ක් පමණ උපත ලබයි. අඩු වයස් හා නොයෙකුත් හේතූන් මත බිළිඳුන් 3000ක් පමණ මෙලොව හැර යයි. එම නොමේරූ දරුවන්ගෙන් බහුතරයක් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවන් වේ. සංවර්ධිත රටවල පවතින දියුණු ශ්වසනාධාර සහ අනෙකුත් පහසුකම් කරණකොටගෙන එම දරුවන් සුවසේ මිනිස් ජීවිත ගත කරනු ලබයි. අප රටේ වෛද්‍යවරුන්ගේ දැනුම සහ අත්දැකීම් දියුණු රටවල සේ ම ප්‍රශස්ත මට්ටමෙන් තිබුණත්, අවශ්‍ය උපකරණ හිඟතාවය නිසා දහස් ගණනක් නොමේරූ ළදරුවන්ගෙන් ජීවිත අකාලයේ අප දෑස් ඉදිරිපිට ම මිලින වීම මහා වේදනාකාරී අත්දැකීමකි. මෙම නොමේරූ ළදරු ජීවිත බේරා ගැනීම සඳහා, ඔවුන් හට පළමු හුස්ම ලබා දීම සඳහා ශ්වසනාධාර උපකරණ ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි 'Save a baby'. සුරක්ෂිත නිරෝගී දරු පරපුරක් ලක් මාතාවට දායාද කිරීමට ඔබත් අප හා එක්වන්න.

Consultant Neonatologist
MBBS (Sri Lanka)
Diploma in Child Health (Sri Lanka)
MD (Paediatrics.Neonatology)

නවතම තොරතුරු

අප හා සම්බන්ධ විය හැකි ආකාර

Telephone : +94 71 658 0001 | +94 71 659 0001

Whatsapp : +94 71 658 0001 | +94 71 659 0001

Email : info@saveababy.lk

Address : Seruwila Mangala Rajamaha Viharaya, Seruwila

සහයෝගීතාවය

අප ගැන

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නොමේරූ ළදරු උපත් මරණ අවම කරමින් එම බිළිඳු දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ඒකායන අරමුණෙන් යුතුවයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව සේරුවිල මංගල රජමහාවිහාරයේ තවත් එක් පුණ්‍ය කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වේ.

All rights reserved © www.saveababy.lk